Amazon cover image
Image from Amazon.com

ආචාර්ය අදිකාරම්ගෙන් තරුණ සිතට

By: Material type: TextTextLanguage: Sinhala Language Publication details: Colombo S. Godage 2002 2016Description: 80 p. 22 cmISBN:
  • 9789553074201
Subject(s): DDC classification:
  • 158.1 WIJ
Summary: තරුණ’ යන වචනයත් සමඟ ශක්ති සම්පන්න බවක් ජවසම්පන්න බවක් සිතට නැඟේ. ජීවිතයේ තරුණවිය කවුරුත් ප්‍රියකරන කාලයකි. ඒ නිසාම තරුණ වියෙහි රැඳී සිටීමට කවුරුත් ප්‍රිය කරති. එහෙත් අප කාටත් තරුණ වියෙහි සැමදා රැඳී සිටීමට නොහැක. ඊට හේතුව වෙනස්වන ලෝකයේ තරුණකම ද එලෙසින් සැමදා නොපවතින බැවිනි. එබැවින් අප සියලු දෙනාම ලෝක ස්වභාවයට එකඟවිය යුතුය. තරුණවියත් සමඟ එළෙඹෙන්නේ මහලු විය බව අප මතක තබාගත යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 15 සිට 24 දක්වා කාලයයි. සමහර විශ්ලේෂකයන් තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 18 සිට 24 දක්වා කාලයයි. ඇතැම් අය වයස අවුරුදු 20 සිට 40 දක්වා කාලය තරුණ විය ලෙස සලකති. මෙසේ යොවුන් විය වයස් මට්ටම්වලට බෙදා වෙන් කළ ද එය රඳා පවතිනුයේ වයස මට්ටමට වඩා කයේ හා සිතේ ක්‍රියාකාරිත්වය මත යන්න අප සිත්හි තබාගත යුතුය. ( ඇතැම් අය වයස 40 ඉක්ම වුවද නිරෝගිව තරුණයන් මෙන් කටයුතු කරති. ඇතමෙක් වයස අවුරුදු 20 වුවද රෝගීව මහලු අය මෙන් කටයුතු කරන බැවිනි.) තරුණ විය වෛදික දර්ශනයෙන් තරුණ විය පිළිබඳ වෛදික දර්ශනයේ ද බොහෝ ඉගැන්වීම් ඇත. ඒ අතර තාරුණ්‍ය පිළිබඳ හිතෝපදේශයේ සඳහන් වන්නේ මෙසේය. “යෞවනං ධනසම්පත්තිඞ ප්‍රභුත්වමවිවේකිතා එකෛකමප්‍යනර්ථාය කිමු යත්‍ර චතුෂ්ඨයම්” ( හිතෝපදේශය ) විචාර බුද්ධියෙන් තොර යෞවනය, සීමාවෙන් තොර ධන සම්පත්තිය, බුද්ධියෙන් තොර ප්‍රභූත්වය, පාලනයෙන් තොර අවිවේකය යන මේ කාරනා හතරෙන් එකක් යම් පුද්ගලයෙකු සතු වුවද එය ඔහුගේ විනාශයට හේතුවන බවයි. එමහතරම ඇත්තෙකු ගැන කියනුම කවරේ ද? යන්න මෙහි අදහසයි. තරුණවියෙහි සිතේ ඇතිවන කැළඹීම් ස්වභාවයත් සමඟ පුද්ගලයා ඉතා ඉක්මනින් වරදෙහි යොමුවිය හැකිය. එබැවින් විශේෂයෙන් තරුණ වියට හොඳ – නරක තෝරා ගැනීමේ විචාර බුද්ධිය මෙන්ම ඉවසීම ද අත්‍යවශ්‍ය වේ. තවද වෛදික දර්ශනය තුළ මිනිස් ජීවිතය කොටස් හතරකට හෙවත් කාල හතරකට බෙදා ඇත. එනම්, “ ශෛෂවේ භ්‍යස්තවිද්‍යානං යෞවනේ විෂයෛෂිණාම් වාර්ධකේ මුනි වෘත්තීනාං යොගේනාන්තේ තනුත්‍යජාම්” (රඝුවංශ මහාකාව්‍ය) 1. බාල කාලය – අධ්‍යයන කටයුතු කළ යුතුය. 2. තරුණ කාලය – ධනය රැස් කිරීම, විවාහවීම ආදී කටයුතු කළ යුතුය. 3. වැඩිහිටි කාලය – මුනි ව්‍රතයන් අනුගමනය කළ යුතුය. 4. අවසන් කාලය - සියලු බැඳීම්වලින් වෙන් වී වනගත විය යුතුය. මෙයින් පැහැදිලි වන්නේ තරුණ කාලයේ ධනය රැස්කිරීම, ආවාහවිවාහ කටයුතු සිදුකර ගැනීම හා දරුවන් හැදීම කළ යුතු බවයි. අවසන් කාලය සියලු බැඳීම්වලින් වෙන්විය යුතු බව පෙන්වා දෙයි. එහෙත් බුදුදහම අවධාරණය කරන්නේ මහලු වූ පසු හෙවත් තම කටයුතු සිදු කර ගැනීමට නොහැකි අවස්ථාවන්හි බැඳීම්වලින් වෙන්වීම නොව දැනුම් තේරුම් ඇති අවස්ථාවන්හි දීම කාම විෂයන්ගෙන් හා බැඳීම්වලින් වෙන්වීම වඩාත් සුදුසු බවයි. “යුවා බ්‍රහ්ම චරේ” යනුවෙන් ‘තරුණ වියෙහි බඹසර විසුම උතුම්’ යනුවෙන් සඳහන් වන්නේ එයයි. තරුණ විය බුදුදහමින් බුදුදහම තුළ පුද්ගල ජීවිතයේ පරමායුෂ සියයකට ආසන්න වශයෙන් තබා දශක දහයකට බෙදා ඇත. එම දශක දහය මෙසේය. “මන්දා බිඩ්ඪා ච වණ්ණා ච බලා පඤ්ඤා ච හායනා පබ්බාරා පවංකා ච මෝමූහ සයනා දස” (විසුද්ධිමග්ගය) 01. මන්ද දසකය – අවුරුදු 01 සිට 10 අතර කාලය - බොළඳ දරුවෙකු ලෙස ක්‍රියා කරයි. 02. බිඩ්ඪා දසකය – අවුරුදු 11 සිට 20 අතර කාලය – ක්‍රීඩාවට නැඹුරු වෙයි. 03. වණ්ණ දසකය – 21 සිට 30 අතර කාලය – කායික වර්ණය පිළිබඳ සැලකිලිමත් වෙයි. 04. බල දසකය – 31 සිට 40 අතර කාලය – ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි. 05. පඤ්ඤා දසකය – 41 සිට 50 අතර කාලය – සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි. 06. හායන දසකය – 51 සිට 60 අතර කාලය – කායික පරිහාණිය ආරම්භ වෙයි. 07. පබ්භාර දසකය – 61 සිට 70 අතර කාලය – කය ඉදිරියට නැමෙයි. 08. පවංක දසකය – 71 සිට 80 දක්වා කාලය – කය වක් වෙයි. 09. මෝමූහ දසකය – 81 සිට 90 අතර කාලය – සිහි කල්පනාව අඩුවෙයි. 10. සයන දසකය – 91 සිට 100 අතර කාලය – වැඩි කාලයක් ශයනයෙහි ගත කරයි. මෙම වර්ගීකරණයන්ට අනුව මිනිසෙකුගේ කායික පරිහාණිය ඇති වන්නේ අවුරුදු 50න් පසුවය. (ශාරීරික බල – දුබලතා අනුව මෙය වෙනස්විය හැකිය.) අවුරුදු 40ත් 50ත් අතර ඇත්තේ ප්‍රඥා දශකය යි. එය විමසා බලා කටයුතු කරන කාලයකි. මුල්ම දශකය මන්ද දශකයයි. එය ළමා විය සඳහා වෙන් වෙයි. මන්ද දශකයත් බල දශකයත් අතර කාලය එනම් බිඩ්ඪා, වණ්ණා හා බල යන දශක තුන අතර වූ වර්ෂ තිහක පමණ කාලය තරුණවිය ලෙස අපට සැලකිය හැකිය. ඊට උදාහරණ වශයෙන් සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගිය කාලය එනම් අවුරුදු 29දී හා බුද්ධත්වයට පත් වූ කාලය එනම් අවුරුදු 35දී මේ කාල දෙකම හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවන විය ලෙසය. සො ඛො අහං, භික්ඛවෙ, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො, භද්‍රෙන යොබ්බනෙන සමන් නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. (මහණෙනි, ඒ මම පසුකලෙක තරුණවියේ පසු වූයේ කාලවර්ණ කෙස් කළඹින් යුක්ත වූයේ භද්‍ර යෞවන වියෙහි පළමු වයසෙහි යුක්ත වූයේ දෙමාපියන්ගේ අකැමැත්ත පිට දෙනෙතින් කඳුළු වගුරුවමින් හඬන කල කෙස් රැවුල් බා කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වුණෙමි.) තරුණවියේ කළ යුත්තේ කුමක් ද? බුදුදහම තරුණ වියෙහි කළයුතු කටයුතු නොකොට වයසට ගිය විට ඒ පිළිබඳ සිතමින් පසුතැවෙමින් පුද්ගලයා හඳුන්වන්නේ මසුන්ගෙන් හිස්වුණු දිය සිඳුණු විලක් අසලට වී පසුතැවෙන පියඹා යෑමට නොහැකි කොස්වා ලිහිණියෙකුට සමාන කරය. “අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජිණ්ණ කොඤ්ඤාව ජායන්ති ඛීණ මච්ඡේව පල්ලලේ” (ධම්මපද පාලි) මෙහි දී තරුණ කාලයේ කළයුතු කාරණා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමු කරයි. බඹසර විසීම හෝ ධනය ඉපයීමයි. යමෙක් මේ දෙකින් එකක් නොකර සිය තරුණ කාලය ගත කරන්නේ නම් මසුන්ගෙන් හිස්වුණු, දිය සිඳුණු විලක් අසලට වී පියඹා යෑමට නොහැකිව පසු තැවෙන කොස්වා ලිහිණියාට උපමා කරන්නේ ඔහුය. තරුණ වියෙහි බඹසර විසීම උතුම් බව ඉහතින් අවධාරණය කළෙමු. යමෙක් එසේ නොකරන්නේ නම් ධනෝපායනය හා විවාහවීම් ආදී කටයුතු කළ යුතුය. බුදුදහම හුදෙක් ලෝකෝත්තර දහමක් පමණක් නොවන බව මින් පැහැදිලි වෙයි. ලෞකික දිවිය සාර්ථක කර ගැනීම සඳහා ද බුදුදහමින් නිතැතින්ම මාර්ගෝපදේශනය ලබා දෙයි. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රමවේදයන් අනුගමනය කළයුතු බව බුදුදහම අවධාරණය කරන බව අප මතක තබා ගත යුතුªය.
Item type: Lending Books
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Holdings
Item type Current library Collection Call number Status Date due Barcode Item holds
Lending Books Lending Books Applied Sciences Library Lending Section Lending Collection 158.1 WIJ (Browse shelf(Opens below)) Available 113155
Lending Books Lending Books Applied Sciences Library Lending Section Lending Collection 158.1 WIJ (Browse shelf(Opens below)) Available 113156
Lending Books Lending Books Applied Sciences Library Lending Section Lending Collection 158.1 WIJ (Browse shelf(Opens below)) Available 113157
Total holds: 0

තරුණ’ යන වචනයත් සමඟ ශක්ති සම්පන්න බවක් ජවසම්පන්න බවක් සිතට නැඟේ. ජීවිතයේ තරුණවිය කවුරුත් ප්‍රියකරන කාලයකි. ඒ නිසාම තරුණ වියෙහි රැඳී සිටීමට කවුරුත් ප්‍රිය කරති. එහෙත් අප කාටත් තරුණ වියෙහි සැමදා රැඳී සිටීමට නොහැක. ඊට හේතුව වෙනස්වන ලෝකයේ තරුණකම ද එලෙසින් සැමදා නොපවතින බැවිනි. එබැවින් අප සියලු දෙනාම ලෝක ස්වභාවයට එකඟවිය යුතුය. තරුණවියත් සමඟ එළෙඹෙන්නේ මහලු විය බව අප මතක තබාගත යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 15 සිට 24 දක්වා කාලයයි. සමහර විශ්ලේෂකයන් තරුණ විය ලෙස සලකන්නේ වයස අවුරුදු 18 සිට 24 දක්වා කාලයයි. ඇතැම් අය වයස අවුරුදු 20 සිට 40 දක්වා කාලය තරුණ විය ලෙස සලකති. මෙසේ යොවුන් විය වයස් මට්ටම්වලට බෙදා වෙන් කළ ද එය රඳා පවතිනුයේ වයස මට්ටමට වඩා කයේ හා සිතේ ක්‍රියාකාරිත්වය මත යන්න අප සිත්හි තබාගත යුතුය. ( ඇතැම් අය වයස 40 ඉක්ම වුවද නිරෝගිව තරුණයන් මෙන් කටයුතු කරති. ඇතමෙක් වයස අවුරුදු 20 වුවද රෝගීව මහලු අය මෙන් කටයුතු කරන බැවිනි.)

තරුණ විය වෛදික දර්ශනයෙන්

තරුණ විය පිළිබඳ වෛදික දර්ශනයේ ද බොහෝ ඉගැන්වීම් ඇත. ඒ අතර තාරුණ්‍ය පිළිබඳ හිතෝපදේශයේ සඳහන් වන්නේ මෙසේය.

“යෞවනං ධනසම්පත්තිඞ
ප්‍රභුත්වමවිවේකිතා
එකෛකමප්‍යනර්ථාය
කිමු යත්‍ර චතුෂ්ඨයම්” ( හිතෝපදේශය )

විචාර බුද්ධියෙන් තොර යෞවනය, සීමාවෙන් තොර ධන සම්පත්තිය, බුද්ධියෙන් තොර ප්‍රභූත්වය, පාලනයෙන් තොර අවිවේකය යන මේ කාරනා හතරෙන් එකක් යම් පුද්ගලයෙකු සතු වුවද එය ඔහුගේ විනාශයට හේතුවන බවයි. එමහතරම ඇත්තෙකු ගැන කියනුම කවරේ ද? යන්න මෙහි අදහසයි. තරුණවියෙහි සිතේ ඇතිවන කැළඹීම් ස්වභාවයත් සමඟ පුද්ගලයා ඉතා ඉක්මනින් වරදෙහි යොමුවිය හැකිය. එබැවින් විශේෂයෙන් තරුණ වියට හොඳ – නරක තෝරා ගැනීමේ විචාර බුද්ධිය මෙන්ම ඉවසීම ද අත්‍යවශ්‍ය වේ.

තවද වෛදික දර්ශනය තුළ මිනිස් ජීවිතය කොටස් හතරකට හෙවත් කාල හතරකට බෙදා ඇත. එනම්,

“ ශෛෂවේ භ්‍යස්තවිද්‍යානං
යෞවනේ විෂයෛෂිණාම්
වාර්ධකේ මුනි වෘත්තීනාං
යොගේනාන්තේ තනුත්‍යජාම්”
(රඝුවංශ මහාකාව්‍ය)

1. බාල කාලය – අධ්‍යයන කටයුතු කළ යුතුය.
2. තරුණ කාලය – ධනය රැස් කිරීම, විවාහවීම ආදී කටයුතු කළ යුතුය.
3. වැඩිහිටි කාලය – මුනි ව්‍රතයන් අනුගමනය කළ යුතුය.
4. අවසන් කාලය - සියලු බැඳීම්වලින් වෙන් වී වනගත විය යුතුය.

මෙයින් පැහැදිලි වන්නේ තරුණ කාලයේ ධනය රැස්කිරීම, ආවාහවිවාහ කටයුතු සිදුකර ගැනීම හා දරුවන් හැදීම කළ යුතු බවයි. අවසන් කාලය සියලු බැඳීම්වලින් වෙන්විය යුතු බව පෙන්වා දෙයි. එහෙත් බුදුදහම අවධාරණය කරන්නේ මහලු වූ පසු හෙවත් තම කටයුතු සිදු කර ගැනීමට නොහැකි අවස්ථාවන්හි බැඳීම්වලින් වෙන්වීම නොව දැනුම් තේරුම් ඇති අවස්ථාවන්හි දීම කාම විෂයන්ගෙන් හා බැඳීම්වලින් වෙන්වීම වඩාත් සුදුසු බවයි. “යුවා බ්‍රහ්ම චරේ” යනුවෙන් ‘තරුණ වියෙහි බඹසර විසුම උතුම්’ යනුවෙන් සඳහන් වන්නේ එයයි.
තරුණ විය බුදුදහමින්

බුදුදහම තුළ පුද්ගල ජීවිතයේ පරමායුෂ සියයකට ආසන්න වශයෙන් තබා දශක දහයකට බෙදා ඇත. එම දශක දහය මෙසේය.

“මන්දා බිඩ්ඪා ච වණ්ණා ච
බලා පඤ්ඤා ච හායනා
පබ්බාරා පවංකා ච
මෝමූහ සයනා දස” (විසුද්ධිමග්ගය)

01. මන්ද දසකය – අවුරුදු 01 සිට 10 අතර කාලය - බොළඳ දරුවෙකු ලෙස ක්‍රියා කරයි.

02. බිඩ්ඪා දසකය – අවුරුදු 11 සිට 20 අතර කාලය – ක්‍රීඩාවට නැඹුරු වෙයි.

03. වණ්ණ දසකය – 21 සිට 30 අතර කාලය – කායික වර්ණය පිළිබඳ සැලකිලිමත් වෙයි.

04. බල දසකය – 31 සිට 40 අතර කාලය – ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි.

05. පඤ්ඤා දසකය – 41 සිට 50 අතර කාලය – සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි.

06. හායන දසකය – 51 සිට 60 අතර කාලය – කායික පරිහාණිය ආරම්භ වෙයි.

07. පබ්භාර දසකය – 61 සිට 70 අතර කාලය – කය ඉදිරියට නැමෙයි.

08. පවංක දසකය – 71 සිට 80 දක්වා කාලය – කය වක් වෙයි.

09. මෝමූහ දසකය – 81 සිට 90 අතර කාලය – සිහි කල්පනාව අඩුවෙයි.

10. සයන දසකය – 91 සිට 100 අතර කාලය – වැඩි කාලයක් ශයනයෙහි ගත කරයි.

මෙම වර්ගීකරණයන්ට අනුව මිනිසෙකුගේ කායික පරිහාණිය ඇති වන්නේ අවුරුදු 50න් පසුවය. (ශාරීරික බල – දුබලතා අනුව මෙය වෙනස්විය හැකිය.) අවුරුදු 40ත් 50ත් අතර ඇත්තේ ප්‍රඥා දශකය යි. එය විමසා බලා කටයුතු කරන කාලයකි. මුල්ම දශකය මන්ද දශකයයි. එය ළමා විය සඳහා වෙන් වෙයි. මන්ද දශකයත් බල දශකයත් අතර කාලය එනම් බිඩ්ඪා, වණ්ණා හා බල යන දශක තුන අතර වූ වර්ෂ තිහක පමණ කාලය තරුණවිය ලෙස අපට සැලකිය හැකිය. ඊට උදාහරණ වශයෙන් සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගිය කාලය එනම් අවුරුදු 29දී හා බුද්ධත්වයට පත් වූ කාලය එනම් අවුරුදු 35දී මේ කාල දෙකම හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවන විය ලෙසය.

සො ඛො අහං, භික්ඛවෙ, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො, භද්‍රෙන යොබ්බනෙන සමන් නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං.

(මහණෙනි, ඒ මම පසුකලෙක තරුණවියේ පසු වූයේ කාලවර්ණ කෙස් කළඹින් යුක්ත වූයේ භද්‍ර යෞවන වියෙහි පළමු වයසෙහි යුක්ත වූයේ දෙමාපියන්ගේ අකැමැත්ත පිට දෙනෙතින් කඳුළු වගුරුවමින් හඬන කල කෙස් රැවුල් බා කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වුණෙමි.)

තරුණවියේ කළ යුත්තේ කුමක් ද?

බුදුදහම තරුණ වියෙහි කළයුතු කටයුතු නොකොට වයසට ගිය විට ඒ පිළිබඳ සිතමින් පසුතැවෙමින් පුද්ගලයා හඳුන්වන්නේ මසුන්ගෙන් හිස්වුණු දිය සිඳුණු විලක් අසලට වී පසුතැවෙන පියඹා යෑමට නොහැකි කොස්වා ලිහිණියෙකුට සමාන කරය.

“අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්ඤාව ජායන්ති
ඛීණ මච්ඡේව පල්ලලේ” (ධම්මපද පාලි)

මෙහි දී තරුණ කාලයේ කළයුතු කාරණා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමු කරයි. බඹසර විසීම හෝ ධනය ඉපයීමයි. යමෙක් මේ දෙකින් එකක් නොකර සිය තරුණ කාලය ගත කරන්නේ නම් මසුන්ගෙන් හිස්වුණු, දිය සිඳුණු විලක් අසලට වී පියඹා යෑමට නොහැකිව පසු තැවෙන කොස්වා ලිහිණියාට උපමා කරන්නේ ඔහුය.

තරුණ වියෙහි බඹසර විසීම උතුම් බව ඉහතින් අවධාරණය කළෙමු. යමෙක් එසේ නොකරන්නේ නම් ධනෝපායනය හා විවාහවීම් ආදී කටයුතු කළ යුතුය. බුදුදහම හුදෙක් ලෝකෝත්තර දහමක් පමණක් නොවන බව මින් පැහැදිලි වෙයි.

ලෞකික දිවිය සාර්ථක කර ගැනීම සඳහා ද බුදුදහමින් නිතැතින්ම මාර්ගෝපදේශනය ලබා දෙයි. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රමවේදයන් අනුගමනය කළයුතු බව බුදුදහම අවධාරණය කරන බව අප මතක තබා ගත යුතුªය.

There are no comments on this title.

to post a comment.