000 05717nam a22001937a 4500
999 _c52252
_d53799
003 ISURa
008 191220b xxu||||| |||| 00| 0 eng d
020 _a9789556611472
041 _aSinhala
082 _a294.34
_bGNA
100 _aGnanadeepa Himi , Galigamuwe
_974192
245 _aඅඳුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා
260 _aMireegama
_bSadeepa Prakashakayo
_c2008
_g2018
300 _a184 p.
_c21 cm.
520 _aසතර සතිපට්ඨානයන් අතුරෙන් බොහෝ යෝගාවචරයන් පුරුදු පුහුණු කරන්නා වූ ද, යෝගාවචරයනට භාවනා කිරීමට පහසු වන්නා වූ ද සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය ය. එ බැවින් පළමුවෙන් භාවනාවට බසින්නා වූ පින්වතුන් විසින් කායානුපස්සනා සතිපට්ඨානය ම භාවනා කළ යුතු ය. සතිපට්ඨානය යි කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි අරමුණක යටත් පිරිසෙයින් පැය භාගයක් පැය කාලක් පමණ වත් අන් අරමුණකට නොයන පරිදි සිත නැවැත්විය හැකි වන පරිදි දියුණු වූ සිහියට ය. ආදියෙහි භාවනාවට බට යෝගාවචරයාගේ සිත ඉතා ඉක්මණින් ම භාවනාව කරන අරමුණෙන් බැහැරට යන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහයෙන් නැවත නැවත ඒ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන කල්හි ක්‍ර‍මයෙන් සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු වැඩුණු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික් කාලයක් ආශ්වාස ප්‍ර‍ශ්වාසාදියෙහි සිත නවත්වා ගත හැකි වන්නේ ය. දියුණු වූ සිහිය යෝගාවචරයා ගේසිතට ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණය නැවත නැවත මතු කර දෙන්නේ ය. සිතට ඉන් බැහැරට යන්නට නො දෙන්නේ ය. යෝගාවචරයාට සිත වැඩි වේලාවක් වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු වූ ඒ සිහියට ය. සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ ඒ තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමට ය. කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට ය. සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට ප්‍ර‍මාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති කර ගත්තා වැනි වේ. එ බැවින් මෙහි කායානුපස්සනා සතිපට්ඨානය ගැන පමණක් සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍ර‍ම තුදුසක් වදාරා තිබේ. ඒ තුදුස නම් :- ආශ්වාස ප්‍ර‍ශ්වාස මෙනෙහි කිරීම ය, ගමනාදි ඊර්‍ය්‍යාපථයන් මෙනෙහි කිරීම ය, චතුසම්පජඤ්ඤ වශයෙන් භාවනාව ය, ප්‍ර‍තික්කූල මනස්කාරය ය, ධාතුමනස්කාරය ය, සීවථිකයන් පිළිබඳ වූ මනස්කාර නවය ය යන මොහු ය. ඒ තුදුස අතුරෙන් ද බොහෝ යෝගාවචරයන් පුරුදු කරනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාස මනස්කාරය, ප්‍ර‍තිකූල මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන ය. ඒ තුනෙන් ධාතු මනස්කාරය කළ යුතු සැටි අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍ර‍මය පොතේ දක්වා ඇත.
650 _aDoctrines
_99024
650 _aBuddhism
_9433
942 _2ddc
_cLN